හොදයි චිත්රපටයේ නම තමයි Fireheart. චිත්රපටය අධ්යක්ෂනය කිරීම සදහා Laurent Zeitoun සහ Theodore Ty යන අධ්යක්ෂකවරුත් සහභාගී තියෙනවා.චිත්රපටය Imdb දර්ශකයේ 6.2 අගයක් ලබා ගැනීමටත් Rotten Tomatoes හි 50% අගයක් ලබා ගැනීමටත් සමත්වෙලා තියෙනව. Box office අතින් $5.8 Million උපයාගැනීමට හැකිවෙලා තියෙනව.
හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
දහසය හැවිරිදි ජෝර්ජියා නෝලන් සිහින දකින්නේ ලොව ප්රථම කාන්තා ගිනි නිවන භටයා වීමටයි. අද්භූත ගිනි තැබීම්කරුවෙකු බ්රෝඩ්වේ ගිනි තැබීමට පටන් ගත් විට, නිව් යෝර්ක්හි ගිනි නිවන භටයන් අතුරුදහන් වීමට පටන් ගනී. නිව් යෝර්ක් නගරාධිපති ජෝර්ජියාවේ පියා ෂෝන්ට විශ්රාම යාමෙන් ඉවත් වී අතුරුදහන් වූවන් පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීමට කැඳවයි. තම පියාට උදව් කිරීමට සහ ඇගේ නගරය බේරා ගැනීමට මංමුලා සහගතව සිටින ජෝර්ජියා “ජෝ” නම් තරුණයෙකු ලෙස වෙස්වලාගෙන ගිනි තැබීම නැවැත්වීමට උත්සාහ කරන ගිනි නිවන භටයින් කුඩා කණ්ඩායමක් සමඟ එකතු වේ.
කතාව තුලින් තම සිහින හැබෑ කරගන්න වැඩ කරන විදිය ගැන ලොකු කතාවක් කියල දෙනව. ජෝර්ජියා තම පියාට උදව් කරන්නෙ කොහොමද? ඇය තම සිහිනය හැබෑ කර ගනීද? ඔය ප්රශ්න වලට උත්තර හොයා ගන්නනම් ෆිලුම බලන්නම වෙනව.ඒ වගේම මේකෙන් හොද ආදර්ශයකුත් ලෝකයට ලබා දෙනව.
එහෙනම් කතාව බලලම ඉන්නකෝ….කතාව බලල Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් තවත් Film එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.
0 Comments